අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් කඩවත පහළ බියන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 02ක්, බැංකු කාඩ්පත් 03ක් සහ මෝටර් රථයක් සිය භාරයට ගත් බවයි.
(colombotimes.lk)
