19 May 2026

logo

ජල ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්



2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. 

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

2024 ජූලි 15වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ජල ගාස්තු සූත්‍රයට අනුව ප්‍රධාන පිරිවැය සාධකවල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුයි. 

2026 වර්ෂයේ පළමු මාස 06 තුළ ජල ගාස්තු ඉහළ නැංවීමකින් තොරව පවත්වාගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.



(colombotimes.lk)