19 May 2026

logo

පොලිස් නිලධාරියෙක්ට පහරදුන් ගුවන් හමුදා නිලධාරියා ඇතුළු පුද්ගලයා රිමාන්ඩ්



රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක්ට බීමත්ව සාපරාධීව බලහත්කාරකම් කරමින් රාජකාරියට බාධා කර පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුවන් හමුදා නිලධාරියෙක් ඇතුළු සිවිල් පුද්ගලයෙක් රක්ෂිත බන්ධාගාර ගත කරන ලෙස ඊයේ (18) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 25වනදා දක්වායි. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)