colombotimes.lk
සිංහල | English

06 May 2024

මේ රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ඉල්ලීමක්



ළමුන් අතර හතිය රෝගය වැළඳීම සහ වෛරස රෝග තත්ත්වයක් මේ දින වල ඉහළ ගොස් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟයි. 
 
ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය රෝගය ළමුන්ට වැළදෙන බවයි වෛද්‍යවරයා පැවසුවේ. 
 
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා. 
 
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ද වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
(colombotimes.lk)