06 July 2025

logo

ඔබගේ සිම්පත ලියාපදිංචි කිරීම ගැන TRCSL වෙතින් විශේෂ දැනුම්දීමක්



සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 

ඒ ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේයී. 
 
ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන බවයි එම සභාව සඳහන් කළේ. 
 
එමෙන්ම තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 
 
ඒ අනුව තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතිනවා. 
 
තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා. 
 
තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරිමට සිදු වන බවයි එම කොමිසන් සභාව පැවසුවේ. 
 
මේ වනතුරුත් තමන් භාවිතා කරනු ලබන සිම්පත් තමා ගේ නමට ලියාපදිංචි වී නොමැති නම් තමන් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම හා සම්බන්ධ වී එම සිම්පත ලියාපදිංචි කර ගැනීමට පියවර ගත යුතු බව එම කොමිසම වැඩිදුරටත් දැනුම්දෙනවා.
(colombotimes.lk)