colombotimes.lk
සිංහල | English

28 April 2024

SL Vs BAN - 1st Test | පළමු දිනයේ වැඩි වාසිය සිංහයන්ට



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 280ක් පමණයි.

එහිදී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් රැස් කළා.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට බංගලාදේශ කණ්ඩායමට කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 32ක් පමණයි.

මෙරට වේලාවෙන් හෙට උදෑසන 9.40ට තරගයේ දෙවන දිනය ආරම්භ වනවා.

(colombotimes.lk)