colombotimes.lk
සිංහල | English

27 April 2024

SL Vs BAN - Test | පළමු තරගයේ ජය සිංහයන්ට



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර බංගලාදේශය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණයි.

ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තා.

තරගයේ ජය බලාපොරොත්තුවෙන් ලකුණු 511ක ඉලක්කයක් හඹා යමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට රැස් කිරීමට හැකි වුණේ සියලුදෙනා දැවී ලකුණු 182ක් පමණයි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ලකුණු 328 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

(colombotimes.lk)