colombotimes.lk
සිංහල | English

02 May 2024

40,000ක පිරිසක් නරඹන ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකානු සටන



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද ඉන්දියාවේ දිල්ලි නුවර තිබෙන Arun Jaitley ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද පස්වරු 2ටයි.

මේ කණ්ඩායම් දෙක ගැන කතා කරනකොට දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එක්දින තරග 80 කදී හමු වෙලා තිබෙනවා.

මෙම තරග 80න් 45ක් දකුණු අප්‍රිකාව ජය ගන්නකොට ශ්‍රී ලංකාව අවස්ථා 33 කදී පමණයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වෙලා තිබෙනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් පවත්වන්නේ මේ Arun Jaitley ක්‍රීඩාංගණයේ. මේ ක්‍රීඩාංගනයේ 40000 කට වැඩි පිරිසකට එකවර තරග නැරඹීමේ හැකියාව තියෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව Arun Jaitley ක්‍රීඩාංගණයේ හමුවන පළමු අවස්ථාව අද. ඒවගේම ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ තරග 5ක් ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ තරග 5න් එක් තරගයක් පමණයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ තරග 2ක් ක්‍රීඩා කරලා තිබෙනවා. මෙම තරග 2න් එක් තරගයක් පමණක් දකුණු අප්‍රිකාව ජය ගන්නවා.

මෙම ක්‍රීඩාන්ගනයේ එක්දින තරග 28ක් පවත්වා තිබෙනවා. ඒ වගේම පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා 13කදී ජය ගෙන ඇති අතර පළමුව පන්දු යැවූ කණඩායම අවස්ථා 14 කදී ජය ගෙන තිබෙනවා.

අද කාලගුණය වෙත අවධානය යොමු කරන විට සෙල්සියස් අංශක 31ක පමණ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වනවා. ඒ වගේම පැයට කිලෝමීටර 4.1ක වේගයකින් මෘදු සුළඟක් හමා යන බව සඳහන්. එමෙන්ම වර්ෂාව සඳහා 38%ක සම්භාවිතාවක් ඇති බවයි සඳහන් වන්නේ.

අද පැවැත්වෙන තරගයට සහභාගී වන දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයන් පහතින්., 
(Nipuna Munaweera @ COLOMBO TIMES)