මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම තානාපති කාර්යාලය නිවේදනය කළේ පවතින යුදමය වාතාවරණයත් සමඟ ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස දැනුම්දෙන බවයි.
නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා.
(colombotimes.lk)