හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරකට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ දැඩිසත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් හෙට (26) රනිල් වික්‍රමසිංහට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අද (25) පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.