විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න තේරී පත්වී තිබෙනවා.
ඒ අද (27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදීයි.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්නගේ නම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් යෝජනා කර තිබෙනවා.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ විසින් එම නම ස්ථීර කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)