මේ වන විට රට පුරා 40,000ක ගුරු හිඟයක් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (21) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මෙම වසර අවසන් වීමට පෙර එම පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ඇය කියා සිටියේ රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4240ක් සහ දමිළ මාධ්‍ය පුරප්පාඩු 2827ක් පවතින බවයි.
එමෙන්ම හය වසර සිට එකොළහ වසර දක්වා සිංහල මාධ්‍යයෙන් 11274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6121ක් ගුරු පුරප්පාඩු පවතින බවයි වාර්තා වන්නේ.