colombotimes.lk
සිංහල | English

11 May 2024

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වටයක්



සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ එම සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිත බවයි.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ මත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)