08 April 2025


මහනුවර නගරයට විශේෂ ආරක්ෂාවක්



දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (06) මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

සිරි දළදා වන්දනාව ලබන 18වනදා සිට 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)