29 March 2025


ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් ගැන දැන ගැනීමට තිබූ මාර්ග වැසෙයි



ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැන ගැනීමට තිබූ සියලු අවස්ථාවන් මේ වන විට අවහිර වී තිබෙනවා.

පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ, දැවැන්ත ප්‍රහාරයකින් ගාසා තීරයේ සන්නිවේදන කුළුණට සම්පුර්ණයෙන්ම හානි සිදු වී ඇති බවයි.

ඒ හේතුවෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාව අහිමි වී ඇති බව සඳහන්.
(colombotimes.lk)