01 April 2025


ඉන්දියානු හමුදාවට නව ගුවන්යානා රැසක්



ඉන්දියාව සිය ගුවන් හමුදාව සහ යුද හමුදාව සඳහා සටන් හෙලිකොප්ටර් 156ක් මිලදී ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඩොලර් බිලියන 7.3කට වැඩි මුදලක් වැයවන බවයි.

එය මෙම මූල්‍ය වර්ෂයේ විශාලතම මිලදී ගැනීමක් වන අතර මෙය එරට හමුදාව නවීකරණය කිරීමේ ප්‍රයත්නයේ එක් පියවරක් බව එරට මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)