23 October 2025

logo

දිවයින පුරා විකිරණ ප්‍රතිකාර ඒකකවල සංකේත වැඩවර්ජනයක්



දිවයින පුරා අනිද්දා දිනයේදී සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ, මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.

 
එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
 
මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය විසින් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසළකා හැරීම හේතුවෙන් මෙම එක්දින සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.
 
(colombotimes.lk)