22 October 2025

logo

පාසල් සිසුන්ට සහ පිරිවෙන් සිසුන්ට වවුචර්පත්



2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන්ට පාවහන් යුගලයක් ලබාගැනීමට වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම වවුචර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා සකස් කරනු ලැබ ඇති, තිළිණපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.




(colombotimes.lk)