colombotimes.lk
සිංහල | English

01 July 2024

පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්



දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව තිබෙනවා.

නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

සුළු තුවාල තුනක් පමණක් වාර්තා වී ඇති අතර,භූමිකම්පාවෙන් පසුව, Arequipa ප්‍රදේශයට රිච්ටර් මාපක 4 සිට 4.6 දක්වා වූ පසු කම්පන හතරක් ඇති වූ බව සඳහන් වනවා.

එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් ඇති බව ප්‍රකාශ කර ඇති අතර, පේරු වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල වඩදිය බාදිය මට්ටමට මීටර් 1 ත් 3 ත් (අඩි 9.84) පමණ ඉහළ යාහැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

(colombotimes.lk)