ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම සීනි ලංකා සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා අළෙවි කරන බවත් සීනි හිඟය නැති කිරීම සහ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය වෙළෙඳපොලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
එම සීනි තොග අද සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් ගන්නා බවත් ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වන විට ගණනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එම වැඩපිළිවෙළත් සමඟ පාලන මිල අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
රුපියල් 50 ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)