මැණික්හින්න පොලිස් වසමේ කෙන්ගල්ල ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ලීටර් 20ක්, ගෝඩා ලීටර් 1,025ක්, තඹ දඟර 02ක්, ගෑස් ලිප් 02ක් සහ ගෑස් සිලින්ඩර් 02ක් සමඟ සැකකරුවන් 3දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැණික්හින්න පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 33 අතර වයස්වල පසුවන කෙන්ගල්ල හා රජවැල්ල ප්‍රදේශයවල පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)