21 February 2025


සියලු ගුරු පුරප්පාඩු මේ වසරේ අවසන් කිරීමට සැලසුම්



ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත් ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමුකළ ප්‍රශ්නයාකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඇය කියා සිටියේ ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු අනුව පළාත් සහ ජාතික පාසල්වලින් අතිරික්ත ගුරුවරු තාවකාලිකව අනියුක්ත කරන ලෙස මේ වන විට ලිපියකින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙන බවයි.

එමෙන්ම ඉදිරියේදී විෂයන් අනුව තිබෙන පුරප්පාඩු අනුව අදාළ පුරපුපාඩු පුරවන්න කටයුතු කරන බවත් මෙම වසර අවසන් වන විට සියලු විෂයන් සඳහා තිබෙන ගුරු පුරප්පාඩු පිරවීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)