චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහය දිවීමේ තරගාවලියේ 400 x 4 මිශ්‍ර සහය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක සහ සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා එක් වන බවයි වාර්තා වන්නේ.
මෙම තරගාවලිය එළඹෙන මැයි 10වනදා සහ 11වනදා යන දිනවල ගුවැන්ෂුහී ගුවැන්ඩොං ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)