16 July 2025

logo

රසකාරක සිගරට් වර්ග තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරයි



ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බෙදා හරින ලද රසකාරක සිගරට් නිෂ්පාදන වර්ග තුනක් විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබෙනවා. 

ඒ අනුව Dunhill Switch, Dunhill Double Capsule සහ John Player Gold Pro Cool සිගරට් අලෙවියයි මෙලෙස නතර කර ඇත්තේ. 
 
ඒ නොවැම්බර් 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි. 
 
NATA පනතට අනුව, 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ 33 වැනි වගන්තිය සමඟින් කියවා ඇති 30 වැනි වගන්තිය යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් රෙගුලාසි හඳුන්වා දුන්නා. 
 
ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ නිෂ්පාදන හෝ මිශ්‍රණය දුම්කොළ අඩංගු ඕනෑම රස, වර්ණ හෝ පැණිරස සිගරට් හෝ දුම්කොළ අඩංගු ඕනෑම ඉලෙක්ට්‍රොනික සිගරට් තහනම් වනවා. 
 
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එකී රසකාරක දුම්කොළ ද්‍රව්‍ය අලෙවිය සහ බෙදාහැරීම අත්හිටුවීම සම්බන්ධයෙන් NATA ආයතනය පවරා තිබූ නඩු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි. 
 
තීන්දුව වාචිකව ලබා දී ඇති බවත් එය තම වෙබ් අඩවියට ඇතුළත් කර නොමැති බවත් ඔහු කියා සිටියා. 
 
එබැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ඔහු අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
(colombotimes.lk)