colombotimes.lk
සිංහල | English

04 July 2024

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙනවාද? නැද්ද? - පිළිතුර මෙන්න



පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ගාස්තු අඩු කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව රුපියලක් දෙකක් අඩු කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළාට එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)