06 July 2025

logo

දින 10ක් තුළ සංචාරකයන් 40,000ක් දිවයිනට



2025 ජුනි මාසයේ ගතවූ පළමු දින 10 තුළදී පමණක් සංචාරකයන් 43,962ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

ඉන්දියාව, එක්සත් රාජධානිය, බංග්ලාදේශය, ජර්මනිය, චීනය, ඕස්ට්‍රේලියාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ තිබෙනවා. 


(colombotimes.lk)