මෙම මාසයේ පළමු දින 09 තුළදී පමණක් සංචාරකයන් 56,567ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍යය, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, බංගලාදේශ සහ චීනය යන රටවලින් ද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.