13 April 2025


ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය කෝපි මිලටත් දැනෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට වෙළඳසැල්වල කෝපි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා වාර්තා කළේ අප්‍රේල් 05වනදා සිට කෝපි ආනයනය කරන රටවලට පනවා ඇති තිරු බදු ඊට බලපා ඇති බවයි.

ඇමරිකාව වාර්ෂිකව ඩොලර් බිලයන 100ක පමණ මුදලක් කෝපි ආනයනය සඳහා වැය කරන බවයි වාර්තා වන්නේ.

වැඩිම ප්‍රමාණයක්  බ්‍රසීලයෙන් සහ කොලොම්බියාවෙන් ආනයනය කරනු ලබනවා.

 
(colombotimes.lk)