16 July 2025

logo

ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි



Meta සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පරිශීලකයින් 88%කට ආසන්න ප්‍රමාණයක් සිය පණිවිඩ යැවීමේ ගැටලුවලට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම තවත් පරිශීලකයින් 10%කට පමණ එම යෙදුමේ විවිධ ගැටලු පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පරිශීලකයින් 02%කට පමණ WhatsApp වෙත ලොග් වීමේ ගැටලු පැන නැගී තිබෙනවා.

(olombotimes.lk)