13 April 2025


පැපුවා නිව්ගිනියාවේ තවත් ප්‍රබල භූ කම්පනයක්



පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක් වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ අද (15) රික්ටර් මාපකයේ  5.95ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

පසුගිය 5වනදාද ව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
 
(colombotimes.lk)