05 February 2025


දුම්රියක් අනතුරකට ලක් වෙයි



හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක් වී තිබෙනවා.

දුම්රිය පළමුවන වේදිකාව වෙත ගමන් කිරීමේදී එහි නිමාවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර දුම්රියේ ඉදිරි කොටසට සහ වේදිකාවේ කොටසකට හානි සිදු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)