colombotimes.lk
සිංහල | English

05 May 2024

කැලණි සරසවියේ වැසුණු පීඨ දෙකක් අද සිට යළි විවෘත කරයි



කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අද (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසනවා. 

ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමුණා.
(colombotimes.lk)