17 July 2025

logo

කලකට පසු ඩොලරයේ අගය අඩුවෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (26) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.32ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.84ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (25) පිළිවෙළින් රුපියල් 292.48ක් ලෙස සහ රුපියල් 301.00ක් ලෙස සටහන් වුණා.

 
(colombotimes.lk)