15 December 2025

logo

කෝටි 21ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මත්ද්‍රව්‍ය මිලදී ගෙන වෙනත් පුද්ගලයෙක් ලබා මෙරට ගෙන්වා සිය නිවසේ සඟවා ගෙන ඇති බවයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
සැකකරු විසින් විවිධ පුද්ගලයන් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූදහසකට ආසන්න බවත් පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)