15 December 2025

logo

නාවලපිටිය - මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත වෙයි



දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ගමනාගමනයට අද (15) උදෑසන සිට විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයට ඉහළින් ඇති පස් කන්ද නායයාමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා ස්ථිර විසඳුම් ලබා දෙනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරන ලෙසයි.

මාර්ගයේ අලු‍ත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, නාවලපිටිය හා ඇත්ගාල පොලිස් නිලධාරින් ඇතුළු  පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කර තිබෙනවා. 




(colombotimes.lk)