පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මඟින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බවයි.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරුන් සූදානම් වී සිටන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළා.
(colombotimes.lk)
