හැකි ඉක්මනින් උදෑසන සිය ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (14) පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු වන බවයි.
අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ලේඛනයක් සමඟ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන ඡන්ද පොළට පැමිණීමෙන් ඔබේ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ඡන්දය භාවිතා කළ හැකි බවයි.
(colombotimes.lk)