ඡන්දය ප්‍රකාශයෙන් පසු පොහොට්ටු අපේක්ෂකයා එළියට



ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි පත් කිරීම තම පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

වත්මන් රජයේ ඇමති ධූර සහ රාජ්‍ය ඇමති ධූර ලබා ගත් සුළු පිරිසක් පමණක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට මත පළ කරන බව ඔහු කියා සිටියා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)