මෙරට විශාලතම වැවක් වන කලා වැවෙහි ජල කාන්දුවක් සිදුවීමෙන් එම ජලාශය අවදානමකට ලක්ව ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන් පවසනවා.
කලා වැවෙහි පිට වාන ආසන්නයේ පිහිටි කොන්ක්‍රීට් වේල්ලේ මෙම කාන්දුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයකට කලා වැව ජලය සපයනු ලබනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පසුගිය වසරේ එම වේල්ල ආසන්නයේ කිසියම් පිරිසක් විසින් නිධන් වස්තු ලබා ගැනීමේ අදහසින් කැණීමක්ද සිදුකර තිබූ බවයි.
අදාළ කැණීම ද මෙම ජල කාන්දුවට හේතුවක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)