colombotimes.lk
සිංහල | English

22 June 2024

ලෝක වාර්තාවක් තබා දීග ගිය ලොව මිටිම යුවල



ලොව මිටිම විවාහක යුවළ ලෙස ගිනස් ලෝක වාර්තාව හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino සමත් වී තිබෙනවා.

මෙය ආදරය පිළිබඳ හද උණුසුම් කරවන කතාවක් ඉස්මතු කරන බවයි ගිනස් ලෝක වාර්තා සංවිධානය පෙන්වා දෙන්නේ.

2006 වර්ෂයේදීයි මෙම යුවළ ප්‍රථමවරට මුණගැසී ඇති අතර විවාහයට ප්‍රථම ඔවුන් වසර 15 කට වැඩි කාලයක් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව වයස අවුරුදු 31 සහ 28 වියෙහි පසුවන මෙම යුවළ ලොව මිටිම විවාහක යුවළ බවට ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

(colombotimes.lk)

දීග ගිය ලොව මිටිම යුවල – ගිනස් ලෝක වාර්තාවටත් හිමිකම් කියයි