මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාස තුළ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ භෝග නිෂ්පාදනයේදී ඇති වන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසයි.
ඒ අනුව විල්ගමුව සහ හෙට්ටිපොළ කොට්ඨාස තුළ වෙසෙන ගොවීන් 100දෙනෙක් තෝරාගෙන එක් ගොවියෙක්ගේ බිම් අක්කර කාලක් සඳහා කුරුඳු පැල 900ක් මේ යටතේ ලබා දීමට නියමිතව තිබෙනවා.
මේ යටතේ වගා කිරීමට නියමිත කුරුඳු පැළ ප්‍රමාණය ලක්ෂයක් බවයි වාර්තා වන්නේ.
මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්. එම්. කේ. ආර් හේරත් සඳහන් කළේ කුරුඳු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් මෙමගින් අවම කර ගත හැකි බවයි.
(colombotimes.lk)