2025 වසරේදී ශ්‍රී ලාංකිකයන් 340,000කට විදෙස් රැකියා ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ඩී. ඩී. පී. සේනානායක සඳහන් කළේ මෙම වසරේදී විදේශ රැකියා මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි.
2024 වසරේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශගත වී තිබෙනවා.
එහිදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)