11 February 2025


අග්‍රාමාත්‍යවරිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්



ජාත්‍යන්තරය මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදු වී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව එම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.
 
එමෙන්ම ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මෙන්ම රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව කරුණුද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍රද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)