පසුගිය කාලය තුළ සිදුවූ ආපදා හේතුවෙන් නායයෑම්වලට ලක්ව තවදුරටත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කරන බවයි.
නායයෑම් හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 22ක් අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ නායයෑම් නිසා වසර 5ක් පුරාවට පවුල් 51ක් සිය දරු පවුල්ද සමඟ කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)