රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අගලවත්ත පිඹූර රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.
සෑම රෝහලක්ම සංවර්ධනය කිරීමේදී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරයද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතාද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබාදෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියුණු කිරීමට සැලසුම් සකස් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colomboimes.lk)