2025 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 ජනවාරි මාසයේදී -4.0%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 පෙබරවාරි මාසය සඳහා -3.9%ක් දක්වා වැඩිවී ඇති බවයි.
එමෙන්ම 2024 ජනවාරි මාසයේදී -2.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 පෙබරවාරි මාසයේදී -1.1%ක් දක්වා වැඩිවී තිබෙනවා.