13 December 2025

logo

ප්‍රධාන ජලාශ 34ක වාන් දොරටු තවදුරටත් විවෘතයි



ප්‍රධාන ජලාශ 34ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු, එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ රාජාංගනය, දැදුරුඔය, යාං ඔය සහ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි. 

එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජලාශ 80කට පමණ හානිවීම් සිදු වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)