ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන තිබෙනවා.
උඩමළුව වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.
නරේන්ද්‍ර මෝදි කියා සිටියේ තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කරමින් තමිල්නාඩුව බලා පිටත්ව ගොස් තිබෙනවා.