සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18දෙනෙක් නම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා අද සිට සති 6ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන්ට නියෝග කළ බවයි වාර්තා වන්නේ.
අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් 10වනදා පැවැත්වීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)