13 February 2025


අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක්



ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ, පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

(colombotimes.lk)